செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු විශාලත්වයෙන් දෙවන තැන හිමි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාරදෙයි නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු විශාලත්වයෙන් දෙවන තැන හිමි කොවිඩ් අතරමැදි...

කොවිඩ් - 19 වෛරසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා වූ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද...

නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු විශාලත්වයෙන් දෙවන තැන හිමි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාරදෙයි
නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු විශාලත්වයෙන් දෙවන තැන හිමි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාරදීම මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරල් රන්ජන් ළමාහේවා මහතා සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින සිදුවිය.
රට තුල ඇතිවී තිබෙන කොවිඞ් 19 වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්තවීමේ අවධානම හමුවේ වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහ අතරමැදි ප්‍රතිකාර මධස්ථාන දිවයිනේ විවිධ ස්ථානයන්හි සූදානම් කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භකර තිබේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්ධනය කිරීමේ කමිටුවේ උපදෙස් මත කෝවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා යුද හමුදාවේ සහයෝගයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු මෙම විශේෂ අතරමැදි ප්‍රතිකාර මාධ්‍යස්ථානයේ රෝගින් 500 ක් සඳහ පහසුකම් සැපයීමේ හැකියව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය, නුවරඑළිය මහ නගර සභාව ඇතුළු අංශවල සහයෝගය මත නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකර තිබේ. 183904993 758608481502610 1624623014367393769 n184164199 758608204835971 8151705775380498911 n186510305 758608158169309 987540556265444420 n